Arrow [2012] Season 1 Episode 14 සිංහල උපසිරැසි සමඟ

ජනප්‍රියතම කතා මාලාවක් වන ඇරෝ කතාවේ දහ හතරවෙනි කොටසත් රැගෙන ඔන්න අදත් ආවා. අද කොටස ගිය සතියේ අපි බලපු කොටසත් එක්ක හුඟක් සම්බන්දයි. මතක ඇතිනේ ඔලිවර් අම්මව හම්බෙන්න යනවා කාර්යාලයට ග්‍රීන් හුඩ් විදියට. එහිදී යම් දෙයක් සිදුවෙනවා. ඒ වගේම අද කොටසින් හුඟක් පෙන්වන්නේ, ඔලිවර් දුපතේ සිරවී සිටි කාලයේ ඇති වුනු දේවල් , මතකනේ ඔලිවර් සහ අලුතින් ඔලිවර්ට හමුවුණු සහයකයා එක්ක ගුවන් පථය අත් කරගැනීමට යන ගමන. අන්න ඒ හුවන් පථය ඔවුන් අත් කරගන්නේ කොහොමද කියලත් අද කොටසින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔලිවර්ට උදවු කරපු යෝ ෆේයි ඔහුට පිටුපාන්නේ ඇයි කියලත් බලා ගන්න පුළුවන්. ඔලිවර් ක්වින් තමයි මේ ග්‍රීන් හුඩ් කියල දන්නේ ඩිගල් විතරයිනේ, අද විශේෂම සිද්දිය වෙනේ ඒ රහස තවත් කෙනෙක් දැනගන්නවා. ඒ කවුද කියල දැනගන්න එහෙනම් මේ කොටසත් ඩවුන්ලෝඩ් කරලා උපසිරසි එක්කම බලන්න. ලබන සතියේ අලුත් කොටසක් සමඟ නැවත හමුවෙමු.rokiya@zoom.lk

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදා විසිනි

 

රුපවාහිනි කතාමාලාව හා සිංහල උපසිරැසි ලබා ගැනිමට මෙතැනින් පිවිසෙන්න